දේශපාලන ප්‍රචාරණ දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.
දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් වාහනයේ අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත් එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බවත් එම දැන්වීම් තදින් අලවා තිබුණහොත් වාහනයට හානි සිදුවිය හැකි බවද සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කළේ,
“අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම. සමහර වෙලාවට කියන්න පුළුවන් හදිසි ගමනක් යන්නේ, තම දරුවා පාසලට රැගෙන යන්නේ වගේ විවිධ දේවල්. නමුත් ඒ මොනවා කිව්වත් සමාවට කාරණයක් විදියට ගන්නේ නැහැ.
මාර්ගයේදී නතර කළොත් ඒ වාහනයේ යම්කිසි ආකාරයකට ස්ටිකර්ස් හරි පොස්ටර්ස් හරි තියෙනවානම් අපි අනිවාර්යයෙන් ගලවා ඉවත් කරනවා. ඒවා ගලවනකොට තදින් අලවලා තියෙනවානම් වාහනයට වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්.
ඒ නිසා වහාම ඔබ ඔබගේ වාහනවල මේවා අලවලා තිබෙනවා නම් පොලීසිය මැදිගත් වෙලා ඉවත් කරගන්න කලින් ඔබට පුළුවන් නිදහසේ ගලවා ඉවත් කරන්න.”

