Image

මැකොගෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීම්… නීති කැඩුවොත් ප්‍රතිඵල නොදෙන බවත් කියයි..!

සියලු මාධ්‍ය ආයතන රටේ මැතිවරණ නීතියට අනුගතව අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා පවසයි.

කෙසේ වුව ද ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට දිගින් දිගට ම කොමිසම වෙත පැමිණිලි ලැබෙන බව ද සභාපතිවරයා කීය.

මේ පිළිබඳ එම ආයතන දැනුම්වත් කොට ඇති බව ප්‍රකාශ කළ සභාපතිවරයා, ඊට අනුගතව කටයුතු නොකළහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අනතුරු ඇඟවූයේය.

එවැනි ආයතන සඳහා කොමිසම නිකුත් කරන නිවේදන යොමු නොකරන අතර කැඳවන මාධ්‍ය හමුවලට එකතු වීමට අවස්ථාව ලබා නොදෙන බව ද මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවට සම්බන්ධ කර නොගන්නා බව ද ඔහු කීවේය.

එහෙයින් සියලු අපේක්ෂකයන් සඳහා ප්‍රවෘත්ති විකාශවල සමාන කාලයක් ලබා දීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා අවධාරණය කරයි.

TRENDING POST