Image

රටේම ජනතාවට විශේෂ නිවේදනයක්.. ඡන්දය දාන්න නිවාඩු ලැබෙන හැටි මෙන්න.!

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ට ඡන්ද විමසීම්වලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ආපසු ඒමට නිවාඩු ලබාදීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කර ඇත.

රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක් හිමිවෙයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40 – 100ත් අතර නම් දින එකක නිවාඩුවක් හිමිවෙයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 100 – 150ත් අතර නම් දින 1ක 1/2 නිවාඩුවක් හිමිවෙයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 150ට වැඩි නම් දින 2ක නිවාඩුවක් හිමිවෙයි.

සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාල සීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙළ කර සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතුයි.

TRENDING POST