2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙරේදා (04) දිනයේ ආරම්භ කළ අතර ලැබුණු ප්‍රතිශත යයි සඳහන් කරමින් විවිධ පක්ෂවලට අපේක්ෂකයන්ට වාසි වන ආකාරයෙන් සකස් කරන ලද සටහන් සමාජ ජාල ඔස්සේ බෙදා හැර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට පැමිණිලි ලැබී ඇති බවත් මැතිවරණ ප්‍රතිශත සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බෙදා හැරීම බරපතල වරදක් බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මුලින් සිදු කළද ඒවා ගණනය කරන්නේ සැප්තැම්බර් (21) වන දින ඡන්ද විමසීම සිදුකර අවසන් වු පසුව බව මැතිවරණ කොමිසම සදහන් කරයි.