Image

නිකරුණේ මුදල් නාස්ති කළ අපේක්ෂකයින් 19ක් සැගවෙයි.!

මේ වනවිට ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු කිසිම ප්‍රචාරක කටයුත්තක් සිදු නොකර සැගවී සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.

සමහර අපේක්ෂකයින් පක්ෂ කාර්යාලයක් ඉදිකර නැති අතර එම අපේක්ෂකයන් සොයාගැනීමට පවා නොහැකිවී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේද අපේක්ෂකයන් දස දෙනෙකු පමණක් බවද විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.

ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත්ව ඇතත් දැනට ප්‍රචාරක කටයුතුවල සක්‍රීයව දායකව සිටින්නේ අපේක්ෂකයන් දස දෙනකු පමණි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.