Image

‘මාධ්‍යවල තියෙන විදිහට ඡන්දය දාන්න යන්න එපා.. ගැටලුවක් නම් අපෙන් අහන්න..’: මාධ්‍ය වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීත්වයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන තමන් යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරය වන වගකීමෙන් තොර ප්‍රවෘත්ති සමිබන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින්.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝගය නිකුත් කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් නිවේදනයක දැක්වෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා මහජනතාව ද දැනුම්වත් කර ඇති බවයි.

කෙසේ වෙතත් වර්තමාන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් කටයුතු කරනු ලබනවා.

ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ආකාරය, ඡන්දය හා මනාප ගණන් කරන ආකාරයථ මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින් වර කරනු ලබන ප්‍රකාශ හා මත මාධ්‍ය මගීන් ප්‍රචාරය වන බවට නිරීක්ෂණ වී ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.

ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත්, එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ කරුණක් පිළිබඳව සෑම පුද්ගලයෙකුට මැතිවරණ කොමිෂන් සභාව විමසා කරුණු පැහැදිලි කරගැනීමේ අවස්ථාවක් පවතිනවා.

ඒ අනුව ඡන්ද විමසීම දී මහජනතාව දැනුම්වත් කළ යුතු සියලු කරුණු සහ කාර්යයන් සම්බන්ධයෙන් කොමිසම විසින් නිල වශයෙන් දැනුම්දීම් සිදු කරන බව ද එහි දැක්වෙනවා.

ඒ හේතුවෙන් වෙනත් පුද්ගලයින් හා සංවිධාන විසින් කරනු ලබන ප්‍රකාශ, මත හා දැනුම්වත් කිරීම නොසලකා හරින මෙන් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කරනවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.