Image

නළු නිළියන් 11ක් මෙවර තරග වදී.. ලයිස්තුව මෙන්න

ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කරති.

ඒ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මයික්‍රපෝනය ලකුණින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලකුණින් ගම්පහ දිස්ත්‍රික්කයටත් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහතා උවිදු විජේවීරගේ දෙවෙනි පරපුර පක්‍ෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් තරග වදිති.

මාධ්‍යවේදියකු සහ රංගන ශිල්පියකු වන විමල් කැටපේ ආරච්චි මහතා කොළඹ දිස්ත්‍රික්කයටත් රංගන ශිල්පී සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජගත් මනුවරණ මහනුවර දිස්ත්‍රික්කයටත්, ජාතික ජන බලවේගයෙන් තරග කරති. රංගන ශිල්පි වමිලා පිරිස්ද ජාතික ජන බලවේගයෙන් තරග කරන්නීය.

සම්මානනීය සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටී.

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති, රංගන ශිල්පී ජයන්ත කැටගොඩ සහ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ යන මහත්ම මහත්මිහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටිති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රංගන ශිල්පියකුද වන සුජීව සේනසිංහ මහතා සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටී.

ජනප්‍රිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා මෙවර මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට ඉදිරිපත් වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.