Image

ඡන්දෙ දාන්න ජාතික හැඳුනුම්පතක් ඕනෙ නෑ.. මැ.කෝ කියයි.!

මෙරට වතුකරේ ජනතාව ජාතික හැදුනුම්පත නොමැතිකම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී මුහුණදෙන ගැටලු සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ ජාතික හැඳුනුම්පත නොමැතිව ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් පවතින බවයි.

ඔහු පෙන්වා දුන්නේ යම් හෙයකින් ජාතික හැඳුනුම්පත නොමැති පුරවැසියන් සඳහා විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වෙනත් හැඳුනුම්පතක් හෝ විශ්‍රාමික හැඳුනුම්පත ආදිය භාවිත කල හැකි බවයි.

කෙසේ වෙතත් එවැනි කිසිදු හැදුනුම්පතක් නොමැති පුරවැසියන් සඳහාද මැතිවරණ කාලසීමාවන්හිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන විශේෂිත තාවකාලික හැඳුනුම්පතක් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවත්, පදිංචි ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතා හරහා අයදුම්පතක් සම්පූර්ණ කර එම අයදුම්පත ඉදිරිපත් කිරීම මගින් ඉතා කඩිනමින් එම තාවකාලික හැඳුනුම්පත ලබා ගත හැකි බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවවීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.