Image

මැතිවරණ සලකුණු මෙන්න

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව ද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම සියලු පැමිණිලි මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන බව එම කොමිසම සඳහන් කළේය.

ඒ අනුව ජාතික පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 112ක් ලැබී ඇත.

පසුගිය ජුලි මස 31වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 269කි.

එම පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් සහ වෙනත් පැමිණිලි 02ක් වන බවද සඳහන් ය.

සෙසු පැමිණිලි 266 ම මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.