මැතිවරණ කොමිසමේ දත්තයන්ට අනුව 2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි.
ඒ ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් වීමට නියමිත පසුබිමකයි.
ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
මෙරට ඉතිහාසය පුරා ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම ප්‍රතිශතය වන්නේ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වූ නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් 4.08%ක ප්‍රතිශතයයි.
2019 පසුගිය ජනාධිපතිවරණයයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අනෙකුත් අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත් ජන්ද ප්‍රතිශතය 2.5%කි.
සියලුම කරුණු සලකා බැලීමෙන් පසු 2%ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින්ගේ ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.