Image

ජනපතිගේ නියෝගය කොමිසම අත්හිටුවයි.!

මැතිවරණ කොමිසම විසින් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නියෝගය අත්හිටුවා ඇත.

සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම හා දේශපාලන පත්වීම් ලැබූවන් වන ආණ්ඩුකාරවරුන් හරහා එවන් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව යන පදනමෙන් මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කටයුතු පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණය යටතේ කරගෙන යාමට කටයුතු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබුණේය.

එම සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙහෙයවීම අධීක්ෂණය සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැවරී ඇති නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රිය වීම හේතුවෙන් ඒවා ඇණහිට ඇති බවද ජනාධිපති ලේකම්වරයාගේ ලිපියෙන් පෙන්වා දී තිබුණේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.