Image

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්.!

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් රටේ දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස දැනුම් දෙයි.

අදාළ පක්ෂවල ලේකම්වරු හෝ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධව දැනුවත් කර ඇත.

ඇති වූ ගැටළු මත විවිධ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබුණ අතර මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.

TRENDING POST