Image

සමාජ ජාල භාවිතා කරමින් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කලොත් වසර 3ක සිර දඬුවම්.!

සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් රජයේ නිලධාරින් රාජකාරි වේලාව තුළ යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

එම බරපතළ වරද සිදුකරන පුද්ගලයන්ට වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම් කිරීමට හෝ දඬුවම් දෙකටම යටත් කිරීමට හැකි වන බව විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

එම චක්‍රලේඛය රාජ්‍ය සේවකයන්ට අමතරව සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා පිත මණ්ඩල සේවක සේවිකාවන්ට අදාළ වන අතර එමගින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විසින් පක්ෂ හෝ පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීමට කටයුතු කිරීම වළක්වාලීමට කටයුතු කර ඇත.

TRENDING POST