Image

ගාස්තු සංශෝධනය ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්.!

ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

2014 – 2022 කාලයේදී ණය ගැනීමට සිදුවුයේ, ලංවිම වියදම් අනුමත කළද ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයට නියාමක නිලධාරීන් කටයුතු නොකළ නිසා බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

පැවති ක්‍රමවේදයට අනුකූලව, 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම්, 2014 – 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සළකා, 6% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින් ප්‍රතික්ෂේප කළ බවද සදහන් කරයි.

2024 අවසන් කාර්තුව සදහා නොව 2025 මුල් මාස 06 සළකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙස නියාමක විසින් ඉල්ලා සිටි බවත් 2025 සදහා එම නව යෝජනාව ක්‍රමවත් පරිදි ඉදිරිපත් කිරීම සඳහා ලංවිමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන අතර, එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියාමක වෙත යොමු කෙරෙනු ඇති බවද සදහන් කරයි.

2024 මුල් කාර්තු 03 දී පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට නියාමක නිලධාරින් ගත් තීරණය නිසා, 2024 අවසන් කාර්තුවේදි මිල අඩුකිරිමට ලංවිමට අවසර නොලැබුණ බවත් ප්‍රමාණවත් කාලයක් ලබාගැනීම සිදුකරනුයේ පාරිභෝගිකයන් වෙත වඩාත් සාධාරණ ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බවද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

TRENDING POST