Image

විදුලි ගාස්තු අඩු කිරීම ගැන විශ්ලේෂණයක්

විදුලි ගාස්තු අඩු කිරීම ගැන විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ එහි වාර්තාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බවයි.

මහජන උපයෝගීතා කොමිෂමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඊට නව සාමාජිකයින් පත් කෙරෙන්නේ නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව බව තිලක් සියඹලාපිටිය මහතා පවසනවා.

සභාපතිවරයා අවාධාරණය කළේ, මාස 6කට වරක් විදුලිය ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ යුතු වුවත් එය විදිමත් පරිදි සිදුවී නොමැති බවයි.

ජනතාවට උපරිම සහනයක් සැලසෙන පරිදි විදුලිය ගාස්තු අඩු කිරීම නව රජයේ අපේක්ෂාව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.