Image

ලබන වසරේ විභාග පැවැත්වෙන හැටි: සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකකින්

ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

එමෙන්ම ලබන වසරේ පාසල් වාරය ජනවාරි මස 02වැනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් තෙවන වාරයේ සති දෙකක් පැවැත්වීමට සිදු වන බව සඳහන්.

ඒ හේතුවෙන් ජනවාරි මස 20 වැනි පළමු පාසල් වාරයේ පළමු වාරයේ පළමු දිනය ආරම්භ වීමට නියමිතයි.

ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත් සියල්ල සූදානම් බවට සහතිකයක් ලබා දිය හැකි බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

එමෙන්ම මාස ගණන් කල් ගොස් ඇති උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති දෙකකින් පමණ නිකුක් කිරීමට නියමිතයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.