Image

ශිෂ්‍යත්ව විභාගය යලි පවත්වනවාද නැද්ද.?

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අගමැතිවරියගේ උපදෙස් මත මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත් බවයි.

මේ වනවිට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශන ආරම්භ කර ඇත.

තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසූවේ එම විමර්ශන සලකා බැලීමෙන් අනතුරුව විභාගය යළි පවත්වන්නේ ද ? නැද්ද ? යන්න අදාළ සත් පුද්ගල විශේෂඥ කමිටුව විසින් තීරණය කරනු ඇති බවයි.

TRENDING POST