Image

ලංකාවේ කාන්තාවන්ට වඩා පිරිමින්ට ජීවිතය එපා වෙයි.!

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩා 4 ගුණයකින් පිරිමින් සියදිවි නසා ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

පසුගිය 2024 වසරේ පළමු මාස 9 තුළ මෙරට සියදිවි නසා ගැනීම් 2,470ක් වාර්තා වන අතර ඉන් 2015ක් පිරිමි පුද්ගලයන් බවත් 455ක් කාන්තාවන් බවත් 2023 වසරේ 3,440ක් සියදිවි නසාගෙන ඇති බවත් එයින් 2,897ක් පුරුෂයන් වන අතර 543ක් කාන්තාවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

2022 වසරේ සියදිවි හානි කර ගත් පිරිමි 3,486ක් වන අතර එයින් 2,802ක් පිරිමින් වන අතර කාන්තාවන් 574ක් වන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“2024 වසරේ විදේශ රැකියාවල් සොයාගෙන 3,13,642ක් පිටත් වෙලා තිබෙනවා. 2023 වසරේ 2,97,656ක් පිටත්ව ගොස් තිබෙනවා. මෙයින් 1,74,012ක් කාන්තාවන්. ඔවුන් අවුරුදු 30ත් 50ත් අතර වයසේ පසු වෙනවා. 2022 වසරේ පිටත්ව ගිය සංඛ්‍යාව 3,10,953ක්. එයින් 1,40,085ක් කාන්තාවන්. ඔවුන් අවුරුදු 30ත් 55ත් අතර වෙනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.