Image

මාලිමාව වතුකරයට ආවොත් කපා කොටා මරණවා..- දිගම්බරන් පිලෙන් තර්ජන

ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් බගවන්තලාව ප්‍රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණිය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

ජාතික ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක රැස්විමක් පවත්වා ඇති අතර, එම රැස්විමෙන් අනතුරුව දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් දෙදෙනෙකු බගවන්තලාව නගරයේදි ජාතික ජන බලවේගයේ අපෙක්ෂකයන්ට ජන්දය ඉල්ලා වතුකරයට පැමිණියහොත් එසේ පැමිණෙන පිරිස කපා කොට මරා දමන බවට තර්ජනය කර ඇති බවට පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.