Image

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.

කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම් අවම කෙරෙන අතර එය 2023 වසරට සාපේක්ෂව 36%ක කප්පාදුවක්.

මීට හේතුවී ඇත්තේ, විදේශීය සිසුන් සහ ශ්‍රමිකයින් ඇතුළුව රට තුළ තාවකාලිකව රැඳීසිටින පිරිස් අවම කිරීමයි.

මේ යටතේ රැකියා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධ නීති දැඩි කිරීමටත් කැනඩා රජය තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍යවලට අනුව, කැනේඩියානු රජයේ මෙම පියවර මගින් වැඩි බලපෑමක් එල්ල වන්නේ ඉන්දීය සිසුන්ට බව සඳහන් වනවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.