වෙෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇත.
දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් එම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.
ඒ අනුව රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 165ට ද, රුපියල් 240ට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා පහත දමා ඇත.
තවද රුපියල් 288ට පැවති රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 285ට ද, රුපියල් 210ට පැවති ආනයනික රතු කැකුළු කිලෝවක මිල රුපියල් 209 දක්වා පහත දමා ඇත.