ජනතාව භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සහල් මිල සහ බේකරි නිෂ්පාදන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තවදුරටත් ලැබී නොමැති බවත් සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද සභාපති ටී.අයි. උඩුවර සදහන් කරයි.
මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200 කට අධික සංඛ්‍යාවක් කළ බවද සභාපති ටී.අයි. උඩුවර සදහන් කරයි.