භාණ්ඩ ගණනාවකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇති බවත් ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරමින් තියෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කළේ,
“කුකුල් මස් විතරක් නෙමයි, වතුර බෝතලේ ඉදන්. රුපියල් 100යට විකුණන වතුර බෝතලය රුපියල් 40ට අඩුවෙන් විකුණන් පුළුවන්. ලුණු පැකට් එක රුපියල් 52කට දාන්නේ ඒක රුපියල් 100ට විකුණන්නේ.
මේ ලුණු කර්මාන්තයේ ලුණු නෑ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෙළෙඳපොළ ඇතුළේ පාරිභෝගිකයාට බරපතළ බරක් දරන්න වෙලා තියෙනවා.
ඒ නිසා මේ වෙනකොට පාරිභෝගික අධිකාරිය හරහා තියෙනව පාරිභෝගික කවුන්සිලය මේ උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල තීරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තියෙනවා.”
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සදහන් කරයි.

