Image

රජයේ සහන මල්ල අත්හිටුවයි.!

රජය විසින් එළඹෙන සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

එම තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන්ට ලබාදීමට නියමිතව තිබුණි.

TRENDING POST