Image

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

යුද හමුදා මුලස්ථානය පවසන්නේ ජනපතිවරයාගේ තීරණයකට අනුව දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සඳහා යුද හමුදා සහයෝගය ලබාදීම යටතේ දින දෙකකදී ගබඩා 30 ක් සකස් කර අවසන් කර ඇති බවයි.

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක්, වන්නි යටතේ ඇති වී ගබඩා 10ක්, නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක්, ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් මේ වනවිට සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කර තිබේ.

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතය හරහා රජය සතු වී ගබඩා 209 ක් පිළිසකර කිරීමට සැලසුම් කර තිබෙන බවත් අදාළ කටයුතු මේ මස 27 වන දින වන විට අවසන් කිරීමට ද යුද හමුදාව සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.