Image

“ක්ලීන් ශ්‍රී ලංකා” ලක්ෂ 20ක් ගිය ඉන්ධන වියදම තුනට බස්සයි.!

ක්ලීන් ශ්‍රී ලංකා යනු කැළිකසළ කුණු ඉවත් කර අපේ පරිසරය පිරිසිදුව තබාග ගැනීම විතරක්ම නෙවන බවත් ඒක පාරිසරික, සමාජයීය හා ආකල්ප සංවර්ධනයද සමගින් කටයුතු කරන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් බව නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් චන්ද්‍රසේකර සදහන් කරයි.

නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සදහන් කළේ,

“විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් පාලනය කිරීමට ආයතන මට්ටමින් අපි කටයුතු කළ යුතුයි. අපි දැනටමත් ආණ්ඩුකාර කාර්යාල මට්ටමින් ඒ වැඩේ පටන් අරගෙන තියෙනවා. 2004 ඔක්තෝබර් මාසයට පෙර ආණ්ඩුකාර කාර්යාලයේ වාහන සඳහා ඉන්ධන වියදම රුපියල් ලක්ෂ 16ත් 20ත් අතර පැවතුණා.

ඔක්තෝබර් මාසයේ සිට මාසිකව වාහන සදහා වියදම ලක්ෂ දෙක තුනකට සීමා කිරීමට අපි කටයුතු කළා. ඒ වගේම පළාත් සභාවේ භාවිතයට නොගන්නා වාහන නීතිමය ලෙස කටයුතු කොට වෙන්දේසි කළ යුතුයි. පළාත් සභාව සතු නිල නිවාස අබලන් තත්ත්වයේ තිබෙනවා. ඒවා අලුත්වැඩියා කර යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.”

ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති හමුවක් අමතමින් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් චන්ද්‍රසේකර මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.