අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් දෙදනා අතර ඔක්තෝම්බර් මසට අදාල ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද සාකච්ජාවක් පැවැත්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා ජනාධිපති ලේකම්වරයා ඇතුලු අදාළ අමාත්‍යංශ ලේකම්වරුද සහභාගී වී ඇති අතර ජනතාව වෙත ඉන්ධන මිල සහනයක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.
එහිදී ඉන්ධන මිල ගණන් අඩු කිරීම සම්බන්දයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර කඩිනම් වාර්ථාවක් කැඳවන ලෙසද ජනාධිපතිවරයා ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.
රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඉන්ධන මිල සැළකිය යුතු මුදලකින් අඩු කර ජනතාවට සහනයක් සැලසිය යුතු යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටි බවයි.
කෙසේවෙතත් අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නැතිමුත් හෙට හෝ අනිද්දා දිනයන් ඇතුලත ඒ සම්බන්දයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.

