Image

ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව අපි පිළිගන්නේ නෑ.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණී පියතුමා පවසයි.

සිරිල් ගාමිණී පියතුමා සදහන් කළේ,

“ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොහොයුරිය වන ඒ.එම්.ජේ ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානිය ලෙස පත්කරමින් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැනින්ම මතුවන බව පැහැදිලි කරුණක්.

එම නිසා එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත්කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ. එම නිසා අපි මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු.”

TRENDING POST