Image

උදය ගම්මන්පිල පිල්ලයාන් හමුවෙයි.! 

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින පිල්ලයාන් හෙවත් සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් වෙත නීති උපදෙස් ලබාදීම සඳහා හිටපු පා.ම උදය ගම්මන්පිලට අද (15) අවස්ථාව ලබා දී තිබේ.

අදාළ සැකකරුගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන තමන්ට ඔහු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිනි.

ඒ අනුව පිල්ලයාන් නොහොත් සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් ගම්මන්පිල මහතා සිය නීතීඥවරයා ලෙස පිලිගැනීම මත මෙම අවස්ථාව ලබාදුන් බව මහජන ආරක්ෂන දෙපාර්තමේන්තුව පවසයි.

TRENDING POST