Image

රනිල් සිඟිති ආතල් දෙන්න එපා.. මම ණයත් නෑ.. බයත් නෑ.!

තමන් ආණ්ඩුවෙන් කිසිදෙයක් අරගෙන නැති බවත් එනිසා තමන් ණයත් නෑ බයත් නැති බවත් තමා ස්වාධීන තීන්දු තීරණ ගන්නා බවද හිටපු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සදහන් කළාය.

තමන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන නිසා එකතු වු බවත් ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගැනීමට තමාට අවශ්‍ය නැති බවද මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සදහන් කළාය.

මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ තවදුරටත් සදහන් කළේ,

“ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා.

එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද.? තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට. ඔය වගේ සිඟිති ආතල් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට. මහ ලොකුවට කාන්තාවන් ගැන කතා කරනවා.

ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. “

කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මේ බව සදහන් කළාය.

TRENDING POST