Image

තවත් පාතාල කෙරුමෙක් කුදලන් එයි!

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් නැමති මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට ගෙන ආවේය.

අත්අඩංගුවට පත් සැකකරු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව පැවසේ.

ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු රැගෙන ආ ගුවන් යානය වෙත ගොස් අදාල අපරාධ කල්ලි සාමාජිකයා සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය වෙත රැගෙන ආ අතර ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට කටයුතු කර ඇත.

TRENDING POST