Image

අයවැයේ වැටුප් ගැටළුව විසදන්න ජනපති පොරොන්දු වුනා.. අපි වාහන බලපත‍්‍රත් ඉල්ලුවා..- GMOA

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව අඩු කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුම් ලාබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සිය සංගමයේ විධායක සභාව කටයුතු කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවැසීය.

මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩිවීම හරහා පැවැති වැටුප් විෂමතා නිවැරදි කර මූලික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් සිය සංගමය රජයට ස්තුති කළ බවද වෛද්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය, ප්‍රභාත් සුගතදාස මහතා මෙසේද පැවැසීය.

“වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව, ගණනයට අනුව 80/1, අගය 120/1, අගය දක්වා අඩු කිරීමත්, නිවාඩු දින දීමනාව දිනක අගය 20/1 අගය 30/1 දක්වා අඩු කිරීම පිළිබඳවත් අප ජනාධිපතිවරයා දැනුවත් කළා. මේ හරහා වෛද්‍යවරුන්ට හා විශේෂඥ වෛද්‍යවරුන්ටත් අසාධාරණයක් සිදුව තිබෙනවා. වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටිමින් කළ කැප කිරීමට ඉහත අගයන් නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටියා. මෙයට අවධානය යොමු කර ගැටලු නිරාකරණය කිරීමට ඉදිරියේදී සාකච්ඡා කර අනතුරුව අපව දැනුවත් කරන බව දැන්වූවා.

වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලු සම්බන්ධ ‘ඩැට්’ දීමනාව යාවත්කාලීන කිරීම සීමා වාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් සම්බන්ධ දීමනා යාවත්කාලීන කිරීම, විශේෂඥ පුහුණුවට විදෙස් ගත වන වෛද්‍යවරුන්ගේ ජීවන වියදම් දීමනාව සංශෝධනය කිරීම, වෛද්‍ය පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමට සහාය ලබාදීම, වෛද්‍ය ශ්‍රේණි ක්‍රමවේදයේ අඩුපාඩු, වාහන බලපත්‍ර නැවත ලබාදීම ඇතුළු ඉල්ලීම් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.