Image

මඤ්ඤොක්කා අල සහ උක් දඬු පෙන්වා ගෝඨාභය ඇන්දවූ හැටි තිස්ස කුට්ටි හෙළි කරයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඊයේ (23) දිනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූවේ පසුගිය පොහොර අර්බුද සමයේදී චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා විසින් කාබනික පොහොර යෙදීමේදී වැඩි අස්වනු හටගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇන්දවූ බවයි.

ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලකුණු දාගැනීම සඳහා අනුරාධපුරයට රැගෙන ගොස් කාබනික පොහොර යෙදීමෙන් විශාල පරිමාණයේ මඤ්ඤොක්කා අල බසිනා බවද පෙන්වූ බවයි.

තමා විසින් කාබනික පොහොර යෙදීමෙන් බෝම්බ ගැසුවාක් මෙන් ඵල සෑදෙන බවට ප්‍රකාශයක් සිදු කළේද චන්ද්‍රසේන මහතාට තල්ලුවක් ලබාදීම සඳහා බව ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම රාජ්‍ය ඇමති ජනක වක්කුඹුර මහතාද කාබනික පොහොර යෙදීමෙන් උක්දණ්ඩ බට ගස් ප්‍රමාණයට වැඩෙනා බවට පැවසූ බවද කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි..

එමෙන්ම අමාත්‍යවරුන්ට සහ ජනාධිපතිවරයාට පිටුපස සිට තල්ලුවක් ලබාදෙමින් ආණ්ඩුව රැකගැනීමට තමා ඇතුළු පසු පෙළ මන්ත්‍රීන් සෑම විටම කටයුතු කළ බවත් කිසිවිටෙකත් ආණ්ඩුව මඟ නතර කර දමනු ඇතැයි නොසිතූ බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.