පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර ඇති බවට, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇත.
අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්නගේ සභාපතිත්වයෙන් කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වු අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.