Image

නතර කළ තැනින් යළි වැඩ අරඹයි.!

පළාත් පාලන ආයතන බල ප්‍රදේශ මට්ටමින් පසුගිය රජය සමයේ අතරමග නතර කර ඇති ව්‍යාපෘතිවල ඉදිකිරිම් අවසන් කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

ප්‍රදේශ මට්ටමින් එවැනි ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් මෙම ඉදිකිරීම් නිසි සැලසුමකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ඒවා සදහා මුදල් යෙදවීමේදී ගැටලු පැන නැගී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සදහන් කරයි.

පාලම්, බෝක්කු සහ ග්‍රාමීය මංමාවත් රැසක් එම ව්‍යාපෘති අතරට ඇතුළත් වන අතර ව්‍යපෘති අවසන් නොකිරීම හේතුවෙන් ඉන් ප්‍රතිලාභ ලැබීමට නියමිතව සිටි ජනාතව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.

එනිසා එළඹෙන අයවැයෙන් අතරමග නතර කර ඇති එම ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.