Image

රජයේ අලුත් පත්වීම් 6,000ක්.!

එළ⁣ඹෙන මාස තුනක කාලය ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සඳහා නව බඳවා ගැනීම් 6,145ක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඒ අනුව හෙද නිලධාරීන් 3,247ක් එළඹෙන අප්‍රේල් මාසයේදී බඳවා ගන්නා බවත් උපස්ථායකයන් 1,000ක් බඳවා ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

තවද පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 976ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් 238ක්, ඖෂධ වේදීන් 65ක්, වෘත්තීය චිකිත්සකයන් 43ක්, විකිරණ ශිල්පීන් 41ක් මාර්තු මැද වනවිට බඳවා ගන්නා බව අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST