රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් නිවාඩු ලබාගෙන හෝ වෙනත් අවශ්‍යතාවකට විදේශගතව නිවාඩු නිමවී හෝ නිවාඩු දිගුවක් ලබාගැනීමෙන් පසු නැවත සේවයට නොපැමිණෙන්නේ නම් එම තනතුරෙන් ඉවත්වූවා සේ සලකන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි.
පසුගිය 2022 වසරේ රට තුළ පැවති ආර්ථික අර්බුදකාරී කාලසීමාව තුළ ලබාදුන් විශේෂ විධිවිධාන යටතේ නිවාඩු ලබාගත් ඇතැම් නිලධාරීන් නැවත සේවයට වාර්තා කර නොමැති බවට අනාවරණය වීමෙන් පසුව මෙම පියවර ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි.
රාජ්‍ය නිලධාරීන් නිවාඩු නිමවා සේවයට නොපැමිණියේ නම් වහාම එම තනතුරු පුරප්පාඩු වී ඇති බව නිවේදන නිකුත් කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝගයක් නිකුත් කර ඇත.

