Image

රජයේ මුද්‍රණාලයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට බාධා.. වෘත්තීය සමිති රැසක් සංවිධානය වෙයි.!

රජයේ මුද්‍රණාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපතිවරයා ඇතුළු සේවක පිරිසක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට මුද්‍රණාලයේ සේවකයන් තම ගෙවීම් සම්බන්ධව ගැටලු රැසකට මුහුණ පා ඇති බවත් අමාත්‍යාංශ විසින් නිකුත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුව ඇති බවත්ය.

එම කැබිනට් පත්‍රිකාව නැවත ඉවත් කරගන්නා බවට අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුම් දී තිබුණත් මේ වන තෙක් එය සිදුව නොමැති බවත් එය ඉවත් කරගන්නා තෙක් සේවකයන්ගේ ගෙවීම් සම්බන්ධව ගැටලුවක් පවතින බවත් සභාපතිවරයා පවසා සිටියේය.

එම සේවක පිරිස ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවතින මේ මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අවලංගු කර සේවකයන්ට අවශ්‍ය දීමනා ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දෙන ලෙසයි.

කෙසේවෙතත් එම සේවක සංගමය මේ වනතෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර තම ගැටලු වලට වහාම විසඳුම් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.