රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනා නදුන් චින්තක නොහොත් හරක් කටා නැමති සැකකරු අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙම සැලසුම කෙහෙල්බද්දර පද්මේගේ මෙහෙයවීමෙන් සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරු විසින් පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා රිවෝල්වරයක්ද සොයාගෙන තිබේ.
එම රිවෝල්වරයේ මිට ඇතුළු කොටස් ගලවා ශූක්ෂම ලෙස කැමරාව තුලට බස්සවා නූලක් මාර්ගයෙන් කොකා ගැස්සවීමට සැලසුම් කර තිබී ඇති අතර කැමරාවේ කාචය හරහා උණ්ඩය කෙලින්ම ඉලක්කයට හසුවන පුද්ගලයාගේ හිස හරයා යැවිය හැකි පරිදි එම ඇටවුම සකසා තිබී ඇත.
අදාල කැමරාව පස්දේවා නැමැත්තා කුරුණෑගල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර එහි ඇතුලත් කොටස් ඉවත්කර යකඩ රාමුවක් සකසා ඊට රිවෝල්වරය වෑල්ඩින් කර තිබී ඇත.
එම ඇටවුම සකස්කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකින් බවද අනාවරනය වී ඇත.

