ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ලාංඡනය පරණ දුරකථන බවත් දැන් රටේ පරණ දුරකථන භාවිතා කරන්නේ නැති බවත් දැන් භාවිතා කරන්නේ ඉන්ටර්නෙට් දුරකථන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.
එම ඉන්ටර්නෙට් ලංකාවට ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ බවත් ඉලෝන් මස්ගේ ස්ටාලින් ලංකාවට ලබාදුන්නෙත් රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.
සුපර්මෑන්ලා, බැට්මෑන්ලා, අරමෑන්ලා මේ මෑන්ලා ඔක්කොම සිටියත් ලංකාව බේරාගැනීමට සිටියේ වන්මෑන් විතරක් බවත් ඒ එකම මිනිසා රනිල් වික්‍රමසිංහ බව හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ මංගල රැළියට එක්වෙමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.