නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා.
දිවුරුම්දීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදුවිය.
කාන්තාවක් මෙරට අගමැති ධුරයට පත්වන්නේ වසර වසර 24කට පසුවයි.
ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2019 මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය නියෝජනය කරමිනි.
ඒ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසිනි.