Image

අධ්‍යාපන ඇමති හරිනි අපි එක්ක කතා කරන්නෑ.. ඇය උත්සව වලට යනවා විතරයි..- ස්ටාලින් මාධ්‍ය හමුවේ..

ගුරුවරුන්ගේ උසස් වීම් වැටුප් වර්ධක හා සේවා ස්ථර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්තීය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කරන ලදී.

‘සේවයේ නිරත වෙලා ඉන්න දෙලක්ෂ හතලිස් දාහකට වැඩි ගුරුවරුන්ගෙන් ලක්ෂෙකට වැඩි ගුරු පිරිසකට තවමත් තමන්ගේ උසස් වීම් ලබා ගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් වැටුප් වර්ධක ලබාගන්න විදියක් නෑ. ඒ වගේම සමහර අයගේ සේවා ස්ථිර කිරීම් සිදුවෙන්නේ නැහැ.

අපි දැක්කා අධ්‍යාපන ඇමතිවරිය කතා කරනවා උසස් පෙළ ළමයි කොහොමද ඉස්කෝලෙට ගෙන්න ගන්නෙ. ඒ වගේම කතා කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන. රට පිරිසිදු කිරීම ගැන කතා කරනව. අධ්‍යාපන අමාත්‍යංශය පිරිසුදු කිරීම ගැන කතා කරනවා. විවිධ දේවල් කතා කරනවා. නමුත් ගුරුවරුන් මුහුණ දෙන මේ ප්‍රධාන ප්‍රශ්ණෙට විසඳුමක් ලබා දෙන්නෑ.

අධ්‍යාපන ලේකම්වරයා අවසන් වලට කිව්වේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරනවා කියලා. තාම ඒ පත‍්‍රිකාව යොමු කරල නෑ.

මේකේ තියෙන විශේෂ දේ තමයි මේ සම්න්ධයෙන් අද වෙනකං අධ්‍යාපන අමාත්‍යවරිය වෘත්තිය සමිති එක්ක කතා කරල නෑ.

නිලධාරින්ගෙන් පමණයි ඇය උපදෙස් ගන්නෙ. නිලධාරීන්ට ඕනි විදිමට තමයි වැඩ කරන්නේ. මේවා සම්බන්ධයෙන් කිසි සාකච්ඡාවක් නෑ. ඇයට තියෙන්නෙ උත්සව වලට යාම පමණයි’

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.