ජාතික ජන බලවේග රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පැකිලෙන්නේ නැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ,
“අපේ පාලනය යටතේ යමෙකු චෝදනා වලට ලක් වුණොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පැකිලෙන්නේ නැහැ. අප දැනටත් සාධනීය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරනවා.
චෝදනා එල්ල වී ඇති නිලධාරීන් අතුරින් සමහර අය ගැන දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපට රාජ්‍ය සේවකයන් පිටින් ගෙනෙන්න බැහැනේ. ඉන්න අය සමග වැඩ කළ යුතුයි. අප පත් කරන අයට අපි වග කියනවා.”
මහනුවරදී අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

