Image

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යංශය පවසන්නේ අමාත්‍යවරියගේ නියමයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම ආරම්භ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරිය විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා පත්කෙරෙන කමිටුවක් මඟින් වෙළඳ පොළේ මිළ ගණන් සමාලෝචනය කර එහි මිල පරාසයන් පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් සකස් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම වාර්තාව සකස්කිරීමෙන් අනතුරුව මෙරට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කැඳවා මිල අඩුකිරීමෙ අවශ්‍යතාව පිළිබඳව කරුණු සහිතව සාකච්ඡා කිරීමටද නියමිතයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.