Image

හේෂාගේ යෝජනාවට දේවදත්ත හිමිට ලැබුණු පිළිතුරම ලැබෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කළ යෝජනාවට අවශ්‍ය අයට අනුගත විය හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පවසනවා.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මාධ්‍යවේදියා –

නිල නිවාස, වාහන කිසිවක් අවශ්‍ය නෑ කියලා හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අදහස කුමක්ද.?

සුගත් වසන්ත ද සිල්වා –

මම කැමතියි ඒ සම්බන්ධයෙන් බුද්ධකාලීන සංසිද්ධියක් අරගෙන පිළිතුරු ලබාදෙන්න, දේවදත්ත ස්වාමීන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට යෝජනා කරනවා යම් වැඩපිළිවෙලක් ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතුයි කියලා දේශනා කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ එතකොට ලබා දෙන පිළිතුර තමයි මේ ශික්‍ෂාපද තමන් අභිමත නම් තමන් කැමතිනම් ගැටලුවක් නෑ පිළිපදින්න පුළුවන්.. නමුත් විදියට නියමයක් විදියට මේක පනවන්න අපි සූදානම් නැහැ කියන එක.

ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනා අතරින් කැමති සහ අභිමත පරිදි ඕන කෙනෙක්ට පිළිපදින්න පුළුවන්, නමුත් නාස්තිය හා පිටුදැකීම සඳහා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ වැඩපිළිවෙළක් තියෙනවා අපි අනුගමනය කරන්නේ ඒක.

TRENDING POST