සමගි ජන බලවේග පක්ෂය වෙනුවෙන් කැපවීමක් කර පක්ෂයේ මතයට ගරු කරමින් සන්ධානයේ අනෙක් පක්ෂවලට අවස්ථාව ලබාදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය.
කෙසේ වෙතත් යම් හෙයකින් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයකට ජාතික ලැයිස්තුවේ අවස්ථාවක් තිබුණා නම් නිසැක වශයෙන්ම එම අවස්ථාව ලැබෙන්නෙ තමාට බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවදුරටත් සදහන් කළේ,
“සජබ මහලේකම් මට කතා කළා. මට කතා කරලා කිව්වේ ගිය පාර වගේ මේ පාරත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සදහා කාන්තා නියෝජනයකට ඉඩ දෙන්න තමයි හිටියේ කියලා.
ඒත් සමගි ජන සන්ධානයට එක්වූ අනෙක් පක්ෂවල අයට අවස්ථාව දෙන්න සිද්ධ වෙනවා කියලා මට දැනුම් දුන්නා. අපේ සන්ධානයට අයත් පක්ෂ, ඒ අයටත් අවස්ථාවක් දිය යුතුයි.
යම් හෙයකින් කාන්තා නියෝජනයකට ජාතික ලැයිස්තුවේ අවස්ථාවක් තිබුණ නම් නිසැක වශයෙන්ම ඒ අවස්ථාව ලැබෙන්නෙ මට. ඒ නිසා පක්ෂය වෙනුවෙන් මම ඒ කැප කිරීම කළා.
පක්ෂ මහලේකම් ඇතුළු පක්ෂ නායකයන්ගේ අදහසට ගරු කරමින් මම ඒ කැපවීම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය නැතත් මම මගේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරනවා.”