Image

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) වරෙන්තු නිකුත් කළේය. 

ඒ 2022 වසරේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ සැකකාරිය පෙනී නොසිටීම මතයි.

අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නැත.

TRENDING POST