මැති ඇමතිවරුන්ගේ භාවිතය සඳහා වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට ලබා දෙන ලෙස අධිකරණ විනිසුරුවන් තිදෙනකු කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
මිට පෙර මෙම අමාත්‍යංශ සහ ආයතන ගණනාවක්ද මෙම නිල නිවාස කුලියට ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
මේ වන විට අදාළ නිල නිවාසවලින් පෞරාණික වටිනාකම සහිත ඒවා වෙනම වෙම් කිරීමටද රජය කටයුතු කරයි.
මෙසේ රජය යටතේ දැනට ඇති අමාත්‍ය නිල නිවස ප්‍රමාණය තිස්පහකි.
ඒවා සම්බන්ධයෙන් ඉදිරි කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

