Image

IMF සමග සාකච්ඡා කොට විදුලි ගාස්තු සංශෝධනය කරනවා…! – බලශක්ති අමාත්‍යාංශ ලේකම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 6.6කින් අඩු කිරීමට යෝජනා කර තිබුණ ද එය ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේය.

TRENDING POST