Image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරිකය මුදාහැරීමට අනුමැතිය.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ 3 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (23) නිවේදනය කළේය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සදහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

නව රජය ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සදහා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

2023 මාර්තු (20) වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ අතර මෙවර වැඩපිලිවෙල යටතේ ලබාදී ඇති මුළු ආධාරය ඩොලර් මිලියන 1333 කි.

TRENDING POST